Sunday, July 14, 2013
7. කඨහාරි ජාතකය
Posted on 4:48 AM by Unknown
| No comments
Download PDF
තවද එක් සමයෙක්හි සකල ලොකානන්දනය කරවූ බුදුරජානන් වහන්සේ ෙජ්තවනාරාමයෙහි වැඩවසනසේක්
වාසභකෂත්‍රියාවන්ගේ කථාව අරභයා මේ ජාතකය වදාළ සේක. මෙහි වර්ථමාන කථාව දොළොස්වැනි නිපාතයෙහිවූ
භද්‍රසාල ජාතකයෙහි මතු පහළවන්නේය. ඒ වාසභකෂත්‍රියාවෝ වනාහී මහා නාම නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ
දුවනියෝය. නාගමුණ්ඩා නම් දාසියගේ කුස පිළිසිඳ ගත්තාය. කොසොල් රජ්ජුරුවන්ට අගමෙහෙසුන් වූවාය. ඕ
තොමෝ රජ හට ප්‍රිය වූ පුත්‍රයෙක් වැදුවාය. කොසොල් රජ වනාහි වාසභකෂ්‍රියාන්ගේ දාසි භාවය පසු දැන
ස්ථානාන්තරයේ පිරිහෙලූවේය. විඩුඩභ නම් පුත්‍රයාගේ ද ස්ථානන්තරය පිරිහෙලූවේය. ඔහු දෙදෙනාම රජගෙය
ඇතුළත ම වසන්නාහ. බුදු රජානන් වහන්සේ ඒ කාරණය දැන වදාරා පෙරවරු පන්සියයක් භික්ෂූන් පිරිවරා
රජගෙට වැඩ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ මහරජ වාසභකෂත්‍රියාවෝ කොයිදැයි වදාල සේක. කොසොල්
රජ්ජුරුවෝ ඒ කාරණය දැන්වූයේය. මහරජ වාසභ කෂත්‍රියාවෝ කවරක්හුගේ දුවණියෝ දැයි විචාල කල්හි ස්වාමින්
වහන්ස මහානාම නම් රජහුගේයැයි කීසේක. කවරක්හු නිසා ආයේදැයි වදාල කල්හි ස්වාමීන් වහන්ස මා නිසා
යයි කීවෝය. මහරජ වාසභකෂත්‍රියාවෝ රජහුගේ දුවණියෝය. රජහු නිසාම අවුය. රජහු නිසාම පුත්‍රයෙක් ලද්දීය.
ඒ පුත්‍ර තෙම කවර කාරණයකින් පියාණන් අයිති රාජ්‍යයට හිමිනොවන්නේද. පූර්ව කාලයේදී රජදරුවෝ මොහොතක්
වත් එක්ව වාසය කලාවූ දරුකැටියාගේ බඩෙහි උපන්නාහු පුත්‍රයෙකු ලැබ ඒ පුත්‍රයාට රාජ්‍ය දෙන්නාහුයැයි වදාල
කල්හි කොසොල් රජ තෙම ඒ කාරණය පහල කරන පිණිස භාග්‍යවතුන් වහන්සේට යාඤ්ඥා කළේය. භාග්‍යවතුන්
වහන්සේ භවයෙන් වැසි තිබූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.
යටගිය දවස බරණැස්නුවර රාජ්‍ය කරන්නාහු බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් මහත් වූ පිරිවරින් උයනට ගොස්
එහි පුෂ්ප ඵල ලෝභයෙන් හැසිරෙන සේක් උයන් වන ලැහැඛෙහි ගායනා කොට දර නෙලන්නාවූ එක් ස්ත්‍රියක
දැක පිළිබඳ සිත් ඇතිව තෘෂ්ණා සන්තවය කලෝය. එකෙණෙහිම අප මහ බෝධිසත්වයානන් වහන්සේ ඒ
ස්ත්‍රියගේ බඩෙහිම පිළිබඳ ගත් සේක. එකෙණෙහිම ඇගේ බඩ විදුරුපුරනා ලද්දක් මෙන් ගරු වූ කුක්ෂිය වූයේය.
ඒ ස්ත්‍රිය ගැබ පිහිටි බව දැන මහරජ මගේ ගර්භය පිහිටියේයැයි කීවාය. එකල්හි ඒ රජතෙම අන්කෘෂ්ට මුද්‍රිකාව
දී ඉඳින් දුවනිකෙණෙක් වූ නම් මේ අන්කෘෂ්ට මුද්‍රිකාව විකුට පෝෂ්‍ය කලව. ඉඳින් පුත්‍රයෙක් වී නම් මුද්‍රිකාව හා
සමග මාගේ සමීපයට ගෙණ එවයි කියා වැඩි සේක. ඒ ස්ත්‍රිද ගර්භිය මුහුකුරණ ලද්දී බෝධි සත්වයන් වහන්සේ
වැදුවාය. ඒ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ ඔබ මොබ හැසිරෙන කල්හි කෙළෙි මඩුල්ලෙහි ලදරුවෝ උන්
වහන්සේට මෙසේ කියන්නාහු. පියාණන් නැත්තාහූ විසින් පහරණ ලදුම්හැයි කියන්නාහුය. ඒ අසා බෝධිසත්වයන්
වහන්සේ මෑණියන් සමීපයට ගොස් මෑණියනි මාගේ පියාණෝ කව්දැයි විචාළසේක. පුත්‍රය තෙපි බරණැස්
රජහුගේ පුත්‍රයකැයි කීවාය. මෑණියනී කිසි සලකුණක් නැත්තේදැයි විචාල සේක. පුත්‍රය රජ්ජුරුවෝ මේ මුද්‍රිකාව
දී ඉඳින් දුවනි කෙණෙක් වී නම් මේ මුද්‍රිකාව වෙතට පෝෂ්‍ය කරව ඉඳින් පුත්‍රයෙක් වී නම් මේ මුද්‍රිකාව හා සමග
ගෙනෙවයි කියා ගියසේක්යැයි කීවාය. මෑණියනි එසේ කල්හි කවර කාරණයකින් මා පියාණන්ගේ සමීපයට
කැඳවාගෙන නොයන්නේයැයි කී සේක. ඒ ස්ත්‍රිය අප බෝසතානන්ගේ අ~්‍යාස දැන රාජවාස භවන චාරයට
ගොස් රජහට කීව්වාය. රජහු විසින් කැඳවනු ලබන්නේ රජගෙට වැද රජහට වැඳ මහරජ්ජුරුවන් වහන්සේ නුඹ
වහන්සේගේ මේ තෙම පුත්‍රයකැයි කීවාය. රජ්ජුරුවෝද දක්නා සේක්ම පරිෂිත් මැද ලැජ්ජාවෙන් මාගේ පුත්‍රයෙක්
නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. නුඹ වහන්සේ ගේ මේ මුද්‍රිකාව මේ දැන ගනුවයි කීවාය. මේ ද මාගේ
මුද්‍රිකාවක් නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්සේ දැන් සත්‍යක් ක්‍රියාව හැර මට අනෙක් සාක්ෂියක් නැත්තේය.
මේ ලදරු තෙම නුඹවහන්සේ නිසා උපන්නේ නම් අහස්හි සිටවයි. ඉඳින් එලෙස නොවුයේ වී නම් බිමහි
මරණයට පැමිණේවයි කියා බෝධිසත්වයාණන් වහන්සේගේ පාද වන්දය අල්වාගෙන අහස්හි දැමුවාය. අප මහා
බෝධිසත්වයානන් වහන්සේ අහස්හි පලක් බැඳ උන් සේක්. මිහිරි වූ කඩහ~ින් පි්‍රය මහා රජ හට බණ වදාරණ
සේක් මෙසේ වදාලසේක. මහරජ මම නුඹ වහන්සේගේ ආත්මජ පුත්‍රයෙක්මි. ජන ප්‍රධාන වූ මහරජ නුඹ වහන්සේ
මා රක්ෂා කොට වදාල මැනව. මහරජ්ජුරුවන් වහන්ස හස්ති බන්ධ අශ්ව බන්දාධි වූ මනුශ්‍යයන්ද සත්‍යය ස්වාදී
වූ තිරස්චින සත්වයන් රක්ෂා කරණ සේක් ස්වකීය පුත්‍රවූ මහරක්ෂා නොකරණ සේක් දැයි නින්දා කිරීමෙන් හා
අනුග්‍රහ කිරීමෙන් මෙසේ වදාල සේක. අහස්හි හිඳ මෙසේ ධර්මදේශනා කරන්නා වූ බෝධි සත්වයානන්
වහන්සේගේ ධර්මය අසා පුත්‍රය මෙසේ වර මම්ම පෝෂ්‍ය කරමියි මම පෝෂ්‍ය කෙරෙමියි කියා අත දිගු කල සේක.
අනෙකුත් සත්වයෝ දහස් ගණන් අත් දිගු කළාහුය. බෝධිසත්වයානන් වහන්සේ අනෙක් කෙණෙකුගේ අතට
නොබැස රජහුගේ අතටම බැස ඇකයෙහි උන් සේක. රජ්ජුරුවෝ අප මහා බෝධිසත්වයාණන් වහන්සේට යුව
රාජ්‍ය දෙව් සේක. මෑණියන් වහන්සේ අගමෙහෙසි කළ සේක. බෝධිසත්වයාණන් වහන්සේ රජහු ඇවෑමෙන්
කාශ්ට වාහන නම් රජහ දැහමෙන් සෙමෙන් රාජ්‍ය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියසේක. සාස්තෘ වූ
බුදුරජානන් වහන්සේ කොසොල් රජ හට මේ ජාතක ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා අතීත කථාව හා
වර්ථමාන කථාව දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ කට්ඨහාරී ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි මෑණියෝ
නම් දැන් මහා මයා දේවිය පියාණෝ නම් සුදවුන් මහරජානෝය කාශ්ඨ වාහන නම් රජව උපන්නෙම් තිලෝගුරු
සම්‍යයක් සම්බුදු රජු වූ මමම වෙම්දැයි තමන්වහන්සේ දක්වා වදාල සේක.
Subscribe to:
Post Comments (Atom)









0 comments:
Post a Comment